රටවල් 3 කින් ඇරයුම් ලැබුණා – ඕස්ටේ්‍රලියාවේ සිට ඩිල්ශාන් කියයි

පුහුණු කාර්ය මණ්ඩලයට එක්වන ලෙස රටවල් 3 කින් පමණ තමන්ට ඇරයුම් ලැබුණු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

ඕස්ටේ්‍රලියාවේ සිට අදහස් දක්වමින් ඩිල්ෂාන් සදහන් කළේ තමන් එම ආරාධනා පිළිනොගත් බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අත්දැකීම් ලබාදීමට තමන්  ඕනෑම අවස්ථාවක සූදානම් බවයි ඔහු සදහන් කළේ.

මෙවර පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ලෙස තමන්ට කණ්ඩායම් දෙකකින් මේ වන විට ඇරයුම් ලැබී ඇති බවයි තිලකරත්න ඩිල්ෂාන් වැඩිදුරටත් සදහන් කළේ.

ජීවන වියදම් අර්බුදය නිසා ඔස්ට්‍රේලියානුවන් නිවාස රක්ෂණයෙන් ඉවත් වෙයි

ජීවන වියදම් අර්බුදය හමුවේ වාරික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් නිවාස රක්ෂණයෙන් ඉවත් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »