මව්බිමට යන්න ඉන්න ඔබට අසුභ ආරංචියක් !!

විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ, පැමිණෙන විදේශිකයින් අතර කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

“2021 වසරේ දී මෙරටින් කොවිඩ් රෝගීන් 52,710 ක් වාර්තා වී තිබෙනවා. ඉන් 1593 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධානයනය වෙමින් සිටිය දී හදුනාගත් රෝගීන් වෙනවා.

ඒ අනුව විදෙස් රටවල සිට පැමිණි අය අතර, රෝගීන් වැඩිවීමක් අපට දැකගත හැකි වෙනවා. උදාහරණයක් ලෙස අප්‍රේල් මාසයේ මේ වන විට අප රට තුලින් හමු වූ රෝගීන් 3480 දෙනාගෙන් 538 ක්ම විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි.

මැදපෙරදිග  සහ යුරෝපයේ සිට පැමිණෙන අයත් මේ අතරට ඇතුලත් වෙනවා.

මෙම තත්ත්වය තුල විදෙස් රටවල සිට පැමිණෙන අය අප රට තුල කළමණාකරණය කිරිම පිළිබද අපට නැවතත් සමාලෝචනය කිරීමට සිදුවී තිබෙනවා.

ලෝකයේ රටවල්වල කොවිඩ් රෝගය රැළි වශයෙන් ව්‍යාප්ත විම නිසා රටවල් සංවරණ සීමා දැඩි කිරීමටත්, සමහර රටවල් ගුවන් ගමන් සම්පුර්ණයෙන් නවතා දැමීමටත් කටයුතු කර තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් තුල අප රට තුල යම් කිසි තත්ත්වයකින් සාධනීය තත්ත්වයක් අපි උදාකරගෙන කොවඩ්-19 රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා කටයුතු කරනවා.

එම තත්ත්වය එම අයුරින්ම පවත්වාගෙන යාම සදහා වෛරසය සමාජය තුලට ඇතුලු වී ඇතිවිය හැකි  හානිකාරි තත්ත්වය අවම කර ගැනීම සදහා අප රටට විදේශ රටවල සිට පැමිණෙන පිරිස් යමි කිසි විදියකින් සිමා කිරීමක්, පාලනය කිරිමක්, කිරිමට අපට සිදු වෙනවා.”

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »