දකුණු ඕස්ට්‍රේලියා – බ්‍රිස්බේන් සීමා ඉවතට / නිරෝධායනයකින් තොරව ගමන් කිරීමට අවස්ථාව

දකුණු ඕස්ට්‍රේලියාව (South Australia) ග්‍රේටර් බ්‍රිස්බේන් සමඟ ඇති දැඩි සීමා ඉවත් කර ඇති අතර අද සිට බොහෝ සංචාරකයින්ට නිරෝධායනය වීමකින් තොරව ගමන් කිරීමට අවස්ථාව සැලසේ.

Greater Brisbane හෝ Byron Bay සිට දකුණු ඕස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කළ යුත්තේ 01, 05 සහ 13 දිනවල පමණි.

නමුත් ඔවුන්ට අධි අවදානම් සෞඛ්‍ය කලාපවලට ඇතුළු වීමට හෝ COVID කළමනාකරණ සැලසුම් සහිත විශාල ඉසව්වලට සහභාගී වීමට ඉඩ නොදේ.

COVID වෛරස් නිරාවරණ ස්ථානවල සිටි සංචාරකයින්ට ඔවුන්ගේ සති දෙකක සම්පූර්ණ කාලය අවසන් වන තුරු නිරෝධායනයෙන් ඉවත් වීමට ඉඩ නොදේ.

කලාපයට දින 03 ක සංචරණ සීමා පැණවීමත් සමගයි දකුණු ඔස්ටේ්‍රලියාවද දැඩි ප්‍රාන්ත සීමා පණවන ලද්දේ.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »