
පොලිස් නිළධාරියෙකු විසින් පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ.
මහරගම පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු ලොරි රියදුරෙකුට අමානුෂික අන්දමින් පහරදෙන ආකාරයකුයි මීට අදාළව සමාජ මාධ්‍යයේ හුවමාරු වන දර්ශනවල දැක්වෙන්නේ.

අදාළ රියදුරාගේ ලොරියේ ගැටීමෙන් මහරගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලබා තිබෙනවා.
එය පදනම් කරගනිමින් කොස්තාපල්වරයා රියදුරාට පහරදෙන නමුත් මෙවැනි ක්‍රියා අනුමත කල නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.