
තලෙයිමන්නාරම සිට දකුණු ඉන්දීයාවේ දනුෂ්කොඩි දක්වා පෝක් සමූද්‍ර සන්ධිය හරහා පැය 13 ක කාලයකින් පිහිනා ගොස් වාර්තාවක් තැබීමට ශ්‍යාමලා ගෝලී නමැති ඉන්දීය ක්‍රීඩිකාවක් සමත්වි තිබෙනවා.
ඇය ඉකුත් 19 වැනිදා අලුයම 4.10 සිට 19 වැනිදා සවස 5යි 50 ක කාලය තුළ පැය 13 යි විනාඩි 40 ක කාලයක් අඛණ්ඩව පිහිනා ගොස් තිබුණා.
ඉන්දීය පිහිනුම් වාර්තා රැසකටද උරුමකම් කියන ශ්‍යාමලා ගෝලී තෙලගනා ප්‍රදේශය නියෝජනය කරනවා.
48 හැවිරිදි ඇය පවසා ඇත්තේ කාන්තා ශක්තිය හා කාන්තා හැකියාව විදහා දැක්වීම වෙනුවෙන් තමන් පෝක් සමූද්‍ර සන්ධිය හරහා පිහිනීමට තීරණය කළ බවයි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සිය ටිව්ටර් ගිණුම සටහනක් තබමින් ශ්‍යාමලා ගෝලීගේ මෙම දක්ෂතාවය වෙනුවෙන් සුභ පැතුම් එක්කර තිබුණා.
1954 වසරේ යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි නවරත්නම්, 1966 වසරේ ඉන්දියාවේ කල්කටාවේ පදිංචි මිගිර්සෙන් සහ 1971 වසරේදී යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි කුමාර් ආනන්දන්ද පෝක් සමූද්‍ර සන්ධිය තරණය කර තිබුණා.
