මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතනයේ හිමිකරුගේ නිදහස නොවේ – ජනපති

මාධ්‍ය නිදහස් යනු මාධ්‍ය ආයතනයේ හිමිකරුගේ නිදහස් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ “ගම සමග පිළිසඳර“ 15 වැනි අදියරට අද එක් වෙමින්.
මෙම වැඩසටහන අද පැවැත්වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින්.

එහිදී ජනතාව ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තිය දුප්පත් ගම්මානවල ආදායම් තත්ත්වය ඉහල නැංවීම බවයි.

ඒ අනුව කෘෂිකර්මාන්තය හා වැවලි කර්මාන්තය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනතාව තමන් පත් කලේ මාස 60 කට බවත් ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

‘ මාව ජනතාව පත් කලේ මාස 60 කට, දැනට මාස 14ක් වගේ ගිහිල්ලා. තව හොද කාලයක් තියෙනවා. මම නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියල සමහර අය කලබල වෙලා තිබුනා. මම ආපහු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ජනතාව. මෙදා පාරත් ඒක තීරණය කලේ ජනතාවයි. ඒක නිසා මේ මාස 60 ඇතුලත මට පැවරුණු වැඩකොටසක් තියෙනවා කරන්න.

නගරය විතරක් වැඩ කරලා බැහැ. ගොඩක් අය ජිවත් වෙන්නේ ගමේ. අපි ගමත් සංවර්ධනය කරන්න අවශ්‍යයි. ගමෙන් තමයි අපිට හාල් ටික එළවලු ටික ලැබෙන්නේ. ඒ නිසා ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවන්න අපි යටිතල පහසුකම් දියුණු කරන්න අවශ්‍යයි. ගමට ගියාම ඒ අය ඉලන්නේ යටිතල පහසුකම් වැඩිදියුණු කරලා දෙන්න කියලා. මේක තමයි රජයකට කරන්න තියෙන්නේ’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »