ඇස්ට්‍රා-සෙනෙකා ඔස්ටේ්‍රලියාව තුළත් නවතයිද ???

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත භාවිතය ඔස්ටේ්‍රලියාව තුළ අත්හිටුවීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව ප්‍රධාන වෛද්‍ය නිළධාරී පෝල් කෙලී පවසනවා.

ඔහු කියාසිටියේ දැනට ලැබී ඇති තොරතුරු අනුව එන්නත නතර කිරීමට තරම් අවශ්‍යතාවයක් පැණ නැගී නොමැති බවයි.

එන්නත ලබාදීම ආරම්භ කල මහා බි්‍රතාන්‍යයේ පුද්ගලයන් මිලියන 11 කට මේ වනවිට එන්නත ලබාදී ඇතත් කිසිදු රුධිර කැටි ගැසීමේ සිදුවීමක් වාර්තා වී නොමැති බව පෝල් කෙලී අවධාරණය කරනවා.

යුරෝපයේ රටවල් රැසක් මේ වනවිට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත භාවිතය අත්හිටුවා ඇති අතර ඊට එක්වූ නවතම රාජ්‍යය වන්නේ පෘතුගාලයයි.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »