ලංකාවේත් විදින ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ගැන ගත් අලුත්ම තීරණය මෙන්න

රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිත කිරීම අත්හිටුවා ඇතත් කොවිඩ් එන්නත්කරණ වැඩසටහන නතර නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම රටකටම දැනුම් දෙනවා.

ඔක්ස්ෆර්ඩ් එන්නත සහ රුධිර කැටි ගැසීම් අතර කිසිදු සබඳතාවයක් ඇතැයි මේ දක්වා අනාවරණ වී නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ජර්මනිය / ප්‍රංශය / ඉතාලිය සහ ස්පාඤ්ඤයද මේ වනවිට එන්නත් ලබාදීම අත්හිටුවා තිබෙනවා.

පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ විශේෂඥයන් අද රැස්වීමට නියමිතයි.

යුරෝපය පුරා මිලියන 17 කට පමණ ඇස්ට්‍රා සෙනෙකා එන්නත දී ඇතත් මේ දක්වා රුධිර කැටි ගැසීම් සිදුවීම් වාර්තා වී ඇත්තේ 40 කටත් අඩු සංඛ්‍යාවක බවයි නිෂ්පාදන සමාගම අවධාරණය කරන්නේ.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »