
COVID-19 හේතුවෙන් ලොව පුරා ඕස්ට්‍රේලියානුවන් 40,000 කට වැඩි සංඛ්‍යාවක් අතරමංව සිටියද ජාත්‍යන්තර දේශසීමා අවම වශයෙන් තවත් මාස තුනක්වත් වසා තබන බවට ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කර ඇත.
ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ කමිටුවේ (AHPPC) සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය පෝල් කෙලීගේ උපදෙස් අනුව දැනට පවතින හදිසි කාල සීමාව තවත් මාස 3ක කාලයක් දික් කිරීමට රජය කටයුතු කල බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් ඊයේ තහවුරු කළේය.
ඒ අනුව, 2021 ජුනි 17 දින වන තෙක් ජාත්‍යන්තර දේශසීමා වසා තබන බවට සඳහන්. කෙසේ වෙතත් දේශ සීමාවන් වසා දැමීම් තවදුරටත් අවශ්‍ය නොවන්නේ නම් ඉක්මනින් නැවත විවෘත කළ හැකි බවද සඳහන් වේ.

අන්තර්ජාතික සංචාරයන් ඉක්මනින් නැවත විවෘත කිරීම කොරෝනා එන්නත් කිරීමේ වැඩසටහන් වේගයෙන් ක්‍රියාත්මක වීම මත රඳා පවතින අතර නව කොරෝනා ප්‍රභේදයන්ට එරෙහිව ඵලදායී බව මත රඳා පවතී.
වසංගතයෙන් පීඩා විඳින ඕස්ට්‍රේලියානු ගුවන් සේවා අංශ ආරම්භ කරන ලෙස ඕස්ට්‍රේලියානු ගුවන්තොටුපල ක්‍රියාකරුවන්ගෙන් කෙරෙන දැඩි ඉල්ලීම්වලින් පසුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

“ඕස්ට්‍රේලියානු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර සංචාර සැබවින්ම අවශ්‍ය බව අපි දනිමු,” ඕස්ට්‍රේලියානු ගුවන්තොටුපල සංගමයේ ප්‍රධාන විධායක ජේම්ස් ගුඩ්වින් පැවසීය.
වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවලට සෑම මසකම ඩොලර් මිලියන 320 ක් පමණ අහිමි වන බවත්, පසුගිය මාස 12 තුළ ශ්‍රම බලකායෙන් 25% කට රැකියා අහිමි වී ඇති බවත් ගුඩ්වින් තවදුරටත් පැවසීය.