
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.
එම ජනන යන්ත්‍ර දෙක ‘දසුනි’ සහ ‘චුලෝචනා’ ලෙස නම් කර ඇති අතර සුලෝචනා යන නාමය ඉරාන කම්කරුවන් විසින් උච්චාරණය කළ ආකාරයටයි ඊට චුලෝචනා ලෙසට නම් තබා ඇත්තේ.
ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටින ඉංජිනේරුවන් සහ කම්කරුවන් සඳහා පාන වර්ග සැකසීම මෙන්ම අනෙකුත් වැඩ සඳහා සහාය ලබා දී ඔවුන් දෙදෙනා කළ සේවය වෙනුවෙන් මෙම කාන්තා කම්කරුවන් දෙදෙනා ඇගයීමට ලක්වී තිබෙනවා.

ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ උමාඔය ජලවිදුලි සංකීර්ණයේ ස්ථාපිත කර ඇති මෙම ජනන යන්ත්‍ර දෙකෙන් මෙගාවොට් 120ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට මුදා හැරීමට නියමිතයි.
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසිගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා.

මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසුව ක්‍රියාත්මක වූ විශාලතම වාරි ව්‍යාපෘතියක් ලෙසටයි උමා ඔය ව්‍යාපෘතිය සැලකෙන්නේ.
එහි මූලික පරමාර්ථය වන්නේ උමා ඔය ද්‍රෝණියේ වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හරවා යවා රටේ ගිනිකොනදිග වියළි කලාපයේ ජල හිඟය සමනය කිරීමයි.