Search

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර T20 තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

නව පරපුරේ රසික රසිකාවියන් දිරිමත් කරන විශාලතම ක්‍රිකට් සැණකෙළි සංදර්ශනය ආරම්භ වීමට සති කිහිපයකට පෙර ICC විසින් මෙම නිවේදනය නිකුත් කර තිබීම විශේෂත්වයක්.

තානාපතිවරයකු ලෙස උසේන් බෝල්ට් T20 ලෝක කුසලාන තරගාවලිය උත්සවය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

ලබන සතියේ දී තරගාවලියේ නිල ගීතයට අදාළ වීඩියෝව නිකුත් කිරීමේ දී ප්‍රසිද්ධ කලාකරුවන් සමඟ ආරාධිතයෙකු ලෙසට ද උසේන් බෝල්ට් එක්වීමට නියමිතව තිබෙනවා.

අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම්ලාභියා බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන T20 ලෝක කුසලාන තරඟවලට ද සහභාගී වීමට නියමිතයි.

උසේන් බෝල්ට් 2016 වසරේ රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී වාර්තා අතරට එක් වූයේ පිට පිටම ඔලිම්පික් ක්‍රීඩා තරගාවලි තුනකදී රන් පදක්කම් තුනක් ලබා ගැනීම සමඟින්.

එමෙන්ම ඔහු මීටර් 100, මීටර් 200 සහ මීටර් 4×100 යන ඉසව් පිළිවෙලින් තත්ත්පර 9.58, තත්පර 19.19 සහ තත්පර 36.84 කින් අවසන් කර ලෝක වාර්තා තබා තිබෙනවා.

ඔහුගේ පළමු ලෝක වාර්තාව වූයේ 2008 දී නිව් යෝර්ක්හිදී තත්පර 9.72 කින් මීටර් 100 ඉසව්ව අවසන් කිරීමයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »