එන්ජින් දෝෂයක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු හුන්ඩායි​ මෝටර් රථ 93,000 කට වඩා නැවත කැඳවේ!

ඕස්ට්‍රේලියානු හුන්ඩායි සමාගම විසින් හුන්ඩායි ටක්සන් නැමති මෝටර් රථ 93,000 කට වැඩි ප්‍රමාණයක් නැවත කැඳවීමේ නිවේදනයක් නිකුත් කර ඇත​.

මෙම මෝටර් රථ 2014 නොවැම්බර් සිට 2020 නොවැම්බර් දක්වා ඕස්ට්‍රේලියාව පුරා අලෙවි විය.

නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් ප්‍රති-අගුළු තිරිංග පද්ධතිය (ABS) දෝෂ සහිත බැවින් මෙලෙස මෙම මෝටර් රථයන් නැවත කැඳවනු ලැබීය.

පරිපථය නිරන්තරයෙන් ක්‍රියාත්මක වන බැවින් වාහනය ක්‍රියා විරහිත විට පවා එන්ජිම ආශ්‍රිත පද්ධතිය තුල ගින්නක් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.

මේ හේතුවෙන් මෝටර් රථ හිමි කරුවන් වහාම මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර මේ වාහන කිසිසේත්ම තම ගරාජ තුල නවතා තැබීමෙන් වළකින මෙන් උපදෙස් දී ඇත​.

ඕස්ට්‍රේලියාවේ හුන්ඩායි මෝටර් සමාගම සෘජුවම ගනුදෙනුකරුවන් සම්බන්ධ කර අළුත්වැඩියා කිරීම සඳහා බලයලත් හුන්ඩායි අලෙවි නියෝජිතයෙකු සම්බන්ධ කර ගැනීමට උපදෙස් දෙනු ඇත. අළුත්වැඩියා කිරීම නොමිලේ සිදු කෙරේ.

වාහන හඳුනාගැනීමේ අංකය (VIN) මගින් බලපෑමට ලක්වූ වාහනවල සම්පූර්ණ ලැයිස්තුව සඳහා:https://www.productsafety.gov.au/recall/hyundai-motor-company-australia-pty-ltd-hyundai-tucson-my2015-2021

වැඩි විස්තර සඳහා හුන්ඩායි හි පාරිභෝගික සත්කාර මධ්‍යස්ථානය 1800 186 306 අමතන්න.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »