මිතුරා අහිමි වූ Molly ගැන තීරණයක් ගනී

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සුප්‍රසිද්ධ වූ පොල්කිච්චෙකු වනජීවී බලධාරීන් විසින් සිය භාරයට ගැනීමෙන් පසු එම සත්වයා රැකබලා ගත් හිමිකරුවන් වෙත යළි ලබා දීමේ ව්‍යාපාරයකට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැතිවරයෙකු සහාය ලබා දී තිබෙනවා.

මෝලි (Molly) ලෙස නම් කරන ලද මෙම පක්ෂියා ක්වීන්ස්ලන්ත යුවළක් බේරා ගෙන ඇති දැඩි කළ සත්වයෙක් වන අතර එම නිවසේ සිටින සුරතල් සුනඛයා සමග ඉතා සුහදශීලි ආකාරයෙන් මිතුදමක් ගොඩනගා ගෙන සිටි අයෙක් ලෙසටයි සැලකෙන්නේ.

මිලියන දෙකකට වැඩි පිරිසක් අන්තර්ජාලය ඔස්සේ පෙගී ඇන්ඩ් මෝලි (Peggy and Molly) නම් ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පරිශීලකයන් ලෙස සිටින බව ද සඳහන්.

මෙම පක්ෂියා ඇති දැඩි කළ යුවළ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ එම පක්ෂියාට ජීවත් වීමට කැමති සහ ඌ තම කාලය ගත කිරීමට කැමති කා සමඟද යන්න තීරණය කළ නොහැකි ද යන්නයි.

ක්වීන්ස්ලන්ඩ් අගමැති ස්ටීවන් මයිල්ස් පවසන්නේ මොලී නැවත රැක බලා ගත් පවුල සමඟ එක්විය යුතු බවයි.

වසර 4ක් පුරා මෙම පක්ෂියා අදාළ නිවසේ සුනඛ සුරතලා සමග ද දැඩි මිතුදමින් ගත කර ඇති බවයි ඔවුන්ගේ නමින් නිර්මාණය වූ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් පෙනී යන්නේ.

ඔස්ට්‍රේලියානු පොල්කිච්චෙකු සාමාන්‍යයෙන් අවුරුදු 30ක් පමණ ජීවත් වන අතර එම සතුන් හුරුවී සිටින පාරිසරික තත්වය ක්ෂණිකව වෙනස් කරමින් පරිසරයට මුදා හැරියහොත් මිය යන බව ද වාර්තා වනවා.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »