ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුරුළු උණ ලෙස පොදුවේ හඳුන්වන කුරුළු ඉන්ෆ්ලුවෙන්සා රෝගය කැන්සාස් සහ ටෙක්සාස් හි කිරි ගව පට්ටිවලින් සොයාගෙන ඇති බවයි.

එහෙත් පාරිභෝගිකයන්ට ලබා දෙන නිෂ්පාදන ආරක්ෂිත බව එක්සත් ජනපද කිරි සංගම් හතරක් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

බලධාරීන් පැවසුවේ ආසාධිත එළදෙනුන්ගේ කිරි විනාශ කරන අතර රෝගී ගවයින් මස් සැපයුම් දාමයට නොපැමිණෙන බැවින් මිනිසුන්ට ඇති අවදානම අඩු බවයි.

මේ අතර සංචාරක පක්ෂීන් හරහා ඔස්ට්‍රේලියාවට කුරුළු උණ රෝගය පැමිණිය හැකි බව ඔස්ට්‍රේලියාවේ වෙසෙන පශු සම්පත් විශ්ලේෂකයන් අනතුරු අඟවනවා.

මේ හේතුවෙන් පශු සම්පත් කර්මාන්ත ගැන සැලකිලිමත් විය යුතු බවයි පක්ෂි සංක්‍රමණය සහ රෝග පැතිරීම පිළිබඳව අධ්‍යයනය කරන ඩීකින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාර්සෙල් ක්ලාසන් ප්‍රකාශ කළේ.

මහාචාර්ය ක්ලාසන් පෙන්වා දෙන්නේ සංක්‍රමණික පක්ෂීන් හරහා රෝගය ඔස්ට්‍රේලියාවට ළඟා වුවහොත් දේශීය සතුන්ටද එමගින් බලපෑම් සිදු විය හැකි බවයි.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »