ඉගෙන ගන්න ආපු ජාත්‍යන්තර සිසු සිසුවියන් ඔස්ට්‍රේලියාව ගැන කියපු කතාව

ආසියාවේ සිසුන් දහස් ගණනක් ඔස්ට්‍රේලියාවට පැමිණ අධ්‍යාපනය ලැබීමට හොඳ රැකියාවක්, ජීවිත සමතුලිතතාවයක් සහ වඩා හොඳ වෘත්තීය අපේක්ෂාවන් හේතු වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවේ සංස්කෘතියට ප්‍රශංසා කරන අතර එමඟින් ඔවුන්ගේ ඉගෙනීම වැඩි දියුණු කිරීමට සහ වෘත්තීය වර්ධනය සඳහා ද අවස්ථා සැලසෙන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

පසුගියදා ජාත්‍යන්තර අධ්‍යාපන පිළිබඳ ආසියා පැසිෆික් සංගමයේ සම්මන්ත්‍රණය පර්ත් නුවරදී පැවැත්වුණු අතර එහිදී සිසුන් සිය අත්දැකීම් බෙදාහදා ගෙන තිබෙනවා.

එහිදී සිසු සිසුවියන් පෙන්වා දුන්නේ ඔස්ට්‍රේලියාවේ රැකියා සහ අධ්‍යාපන සමතුලිත සංස්කෘතිය ගැන සතුටු වන අතර අධ්‍යයනයට අභියෝග තිබුණ ද තම ජීවිත වඩාත් සමබර වී ඇති බවයි.

තමන්ට තෝරා ගැනීමට විවිධ පාඨමාලා පවතින අතර පන්ති කාමරයෙන් පිටත ස්වේච්ඡා සේවය සහ ප්‍රජා සංවර්ධනය තුළින් නව අවස්ථා ගවේෂණය කිරීමට හැකි වීම වැදගත්ම ලක්ෂණයක් බවයි ඔවුන් සඳහන් කළේ.

රැකියා සහ අධ්‍යාපන කටයුතු අතර යම් මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීම පමණක් නොව තම වෘත්තීය කුසලතා සමාජ වගකීම් සමඟ ඒකාබද්ධ කර ගැනීමට ද හැකි බව සිසු සිසුවියන් ප්‍රකාශ කර තිබෙනවා.

එය තම මව් රටවල්වලට සාපේක්ෂව වෙනස් අත්දැකීම් බවයි තමන්ට ලැබෙන සහයෝගය අගය කරමින් ජාත්‍යන්තර සිසු සිසුවියන් පෙන්වා දෙන්නේ.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »