තායිලන්තය ඉතිහාසගත වෙන තීරණයක් ගන්න සූදානමින්

තායිලන්තයේ සමලිංගික විවාහ සඳහා නීතිමය පිළිගැනීමක් ලබා දෙන පනත් කෙටුම්පතක් පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා.

එම සම්මත වීමත් සමග තායිලන්තය සමානාත්මතාවය සඳහා ඓතිහාසික පියවරක් ගෙන ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

සමලිංගික විවාහ සඳහා නීතිමය අවසර හිමි වීමට නම් මේ සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය මෙන්ම රාජකීය අනුමැතිය ද අවශ්‍ය වනවා.

මෙම වසර අවසානය වන විට අදාළ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ අනුව සමලිංගික විවාහ පිළිගන්නා එකම අග්නිදිග ආසියානු රට බවට තායිලන්තය පත් වනු ඇති.

මෙය සමානාත්මතාවය සඳහා වන පළමු පියවර බවයි පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් පහළ මන්ත්‍රී මණ්ඩලයේ කමිටු සභාපතිවරයා සඳහන් කළේ.

මන්ත්‍රීවරුන් 415 න් 400ක් පක්ෂ වූ මෙම පනත් කෙටුම්පත මගින් පැනවෙන නීතියට අනුව විවාහක සමලිංගික ජෝඩුවලට දරුවන් හදා වඩා ගැනීමට ද හැකියාව පවතිනවා.

කෙසේ වෙතත්, පියා සහ මව වෙනුවට දෙමව්පියන් යන යෙදුම භාවිතා කිරීමට කමිටුව කළ යෝජනාව පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර නැහැ.

සමලිංගික විවාහ නීතිගත කිරීමට පසුගිය කාලයේ විවිධ කණ්ඩායම් ගත් උත්සාහයන් මහජන සහයෝගය තිබියදීත් අසාර්ථක වී තිබුණා.

තායිලන්ත දේශපාලන පක්ෂ කිහිපයක් ද පසුගිය වසරේ මැතිවරණයට පෙර ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස සමලිංගික විවාහ පිළිගැනීමට පොරොන්දු වූ අතර අග්‍රාමාත්‍ය ශ්‍රේතා තව්සින් ද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී බලයට පත් වූ දා සිට ඒ වෙනුවෙන් සහය දැක්වීමට පියවර ගෙන තිබු බවයි වාර්තා වන්නේ.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »