ළමයින්ට Phone එකක් දෙනවා නම් මේ ගැනත් හිතන්න

ළමුන් ජංගම දුරකතන භාවිත කරන සෑම අවස්ථාවකදීම යම් අවදානමකට ලක්වන බව හඳුනාගෙන තිබෙනවා.

ලෝක ප්‍රසිද්ධ ළමා උපදේශක කොල්සන් සඳහන් කළේ වත්මන් ලෝකය තුළ ජංගම දුරකතන භාවිතය අත්‍යවශ්‍ය අංගයක් වන අතර දරුවන් එය භාවිතයෙන් සම්පුර්ණයෙන් ඉවත් කළ නොහැකි බවයි.

දැනුම සෙවීමට මෙන්ම මිතුරන් ඇසුරු කිරීමට ජංගම දුරකතන භාවිත කළ යුතු වුව ද මෙය ඇබ්බැහිවීමක් වුවහොත් අනාගත පරපුරෙහි නිරෝගිභාවය පිළිබඳ ගැටලු මතුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජංගම දුරකතනවලට ඇබ්බැහි වු දරුවන් මෙම තත්වයෙන් මුදවා ගැනීමේ වැඩි වගකීමක් දෙමාපියන්ට පවතින අතර ඒ පිළිබඳ නීති මාලාවක් ද හඳුන්වා දී තිබෙනවා.

ප්‍රධාන වශයෙන් ළමුන් නින්දට යන විට නිදන කාමර තුළට ජංගම දුරකතනය රැගෙන යෑම වැළැක්විය යුතුයි.

එසේම කෑම මේසය තුළ මෙන්ම මිතුරන් සමඟ ගැවසෙන විට දුරකථන භාවිතයට අවස්ථාව ලබා නොදීම වඩාත් වැදගත් වන බවයි කොල්සන් පෙන්වා දෙන්නේ.

එම නීති නිසි ලෙස දරුවන්ට හුරුකිරීමෙන් ළමුන්ගේ සමාජ සබඳතා පුලුල් කර ගැනීමට මෙන්ම පෞරුෂය නැංවීමට හැකි බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

පවුලේ සහ සමීපතමයින් සමඟ ගැවසීමේ දී ජංගම දුරකතන ඈත් කිරීමට දරුවන්ට හුරු කිරීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »