ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ජනතාව ගැන අලුත් හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාව ලොව වඩාත්ම සාර්ථක බහු සංස්කෘතික සමාජයක් සහිත රටක් ලෙස නම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමෙන්තු වාර්තා අනුව අනාවරණ වී ඇත්තේ වර්තමාන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගෙන් වැඩි දෙනෙක් විදේශයන්හි උපත ලබා ඇති බවයි.

එසේත් නැතහොත් වෙනස් සම්භවයක් සහිත දෙමාපියන්ගෙන් උපත ලබා ඇති බව ද හෙළිව තිබෙනවා.

සමාජයට බලපෑමක් කළ හැකි විවිධ සම්භවයන් 300කට අධික ජනතාවගෙන් සැදුම් ලත් දේශයක් ලෙසටයි ඔස්ට්‍රේලියාව අර්ථ දක්වා ඇත්තේ.

1949 වසරේ සිට ඔස්ට්‍රේලියාව තුළ මිලියන 5 කට වඩා නව පුද්ගලයන් පිළිගෙන පුරවැසිභාවය ලබාදීමට ද මීට හේතු වී තිබෙනවා.

මිලියන 2කට අධික ඔස්ට්‍රේලියානුවන් ආසියාතික භාෂාවක් කතා කරන අතර මිලියන 1.3ක් යුරෝපීය භාෂාවක් කතා කරන බව ද සඳහන්.

ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 43.9ක් ක්‍රිස්තියානි ආගම අදහන අතර තවත් සියයට 38.9ක් කිසිදු ආගමක් ඇදහීමක් නොකරන පිරිසක් ලෙසයි සටහන්ව ඇත්තේ.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »