පැපුවා නිවිගිනි රාජ්‍යයේ ප්‍රබල භූ චලනයක්

පැපුවා නිවිගිනි රාජ්‍යයේ නැගෙනහිර සෙපික් පළාතේ සිදු වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් නිවාස 1,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් පරිමාණයේ එකක 6.9ක් ලෙසටයි.

මෙම භූමිකම්පාව සිදු වී ඇත්තේ ඇම්බුන්ටි නගරයේ සිට කිලෝමීටර් 38ක් පමණ දුරින් වූ සෙපික් ගංගාව ආශ්‍රිත ගම්මාන සහ ඒ අවට ප්‍රදේශවල කිලෝමීටර් 40ක් පමණ ගැඹුරින් බව සඳහන්.

Papua New Guinea හි Post-Courier පුවත්පත වාර්තා කළේ මෑතදී ඇති වූ ගංවතුරෙන් යට වූ ප්‍රදේශවල පුද්ගලයින් තිදෙනෙකු භූමිකම්පාව හේතුවෙන් මිය ගිය බවයි.

භූමිකම්පාවෙන් නිවාස 1,000ක් විනාශ වූ බවට මූලික ඇස්තමේන්තු කර ඇති බව නැගෙනහිර සෙපික් පළාතේ ආණ්ඩුකාර ඇලන් බර්ඩ් සඳහන් කර තිබෙනවා.

දැනටමත් ගංවතුරෙන් පීඩාවට පත්ව සිටි පළාතේ බොහෝ ප්‍රදේශවලට මෙම කම්පනයෙන් හානි වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

තද සුළං සමඟ අධික වර්ෂාපතනයක් හේතුවෙන් පැපුවා නිව්ගිනියාවේ ගංවතුර සහ නායයෑම් සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබෙනවා.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ මාර්තු 18 වන දින චිම්බු පළාතේ නායයෑම් තුනකින් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගිය බවයි.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »