බටහිර ඕස්ට්‍රේලියාවට දින 5ක හදිසි lockdown තත්වයක් පනවයි! – AusLanka TV – Australian News for the Sri Lankan community

බටහිර ඕස්ට්‍රේලියාවට දින 5ක හදිසි lockdown තත්වයක් පනවයි!

බටහිර ඕස්ට්‍රේලියාවට දින 5ක හදිසි lockdown තත්වයක් පනවයි!

මාස 10කට පසුව ඊයේ දිනයේ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් දේශීයව කොරෝනා රෝගියෙකු වාර්තා වීමත් සමඟ දින 5ක හදිසි lockdown තත්වයක් එම ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට පනවා ඇත​.

බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සමස්ත පර්ත් අග නගරය, පීල් කලාපය සහ නිරිතදිග කලාපය යන ප්‍රදේශයන් හි ඊයේ සවස 6 සිට සිකුරාදා දක්වා දින 5කට lockdown කර ඇත​.

මේ අනුව පහත​ කරුණු හැර වෙනත් කිසිඳු හේතූන් මත නිවසින් බැහැර වීමට එහි වෙසෙන ජනතාවට නොහැකිය​.

  • රාජකාරී කටයුතු සඳහා- නිවසේ රැඳී සිට වැඩ කිරීමට හැකි පුද්ගලයින් තම රාජකාරී කටයුතු නිවෙස්වල සිට සිදු කල යුතුයි.
  • සිල්ලර බඩු, බෙහෙත් සහ අත්‍යවශ්‍ය සැපයුම් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම​ සඳහා
  • සානුකම්පිත අවශ්‍යතා සහ අවදානමට ලක්විය හැකි අයව රැකබලා ගැනීම ඇතුළු වෛද්‍ය හෝ සෞඛ්‍ය සේවා අවශ්‍යතා
  • ව්‍යායාම සඳහා

බටහිර ඕස්ට්‍රේලියානු අගමැති මැක්ගෝවන් පැවසුවේ මෙම වාර්තා වූ කොරෝනා ආසාදිතයා බොහෝවිට එක්සත් රාජධානියේ වාර්තා වන නව කොරෝනා විකෘති වයිරස් ප්‍රභේදය වැළඳී ඇති බවයි.

COMMENTS