වාර්තා අලුත් කරමින් ඔස්ට්‍රේලියා කාන්තාවන් ජය කෙහෙළි නංවයි

සංචාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 284ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

පසුගිය 15 වනදා ආරම්භ වූ මෙම තරගය පැවැත්වුණේ පර්ත්හිදීයි.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායම් නායිකාවගේ ඇරයුම මත පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිතිකාරිණියන් පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 76ක් රැස් කළා.

ඔස්ට්‍රේලියා පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 575යි. ඇන්බෙල් සදර්ලන්ඩ් ලකුණු 210ක් වාර්තා කළා. ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබාගත් ලකුණු 575 කාන්තා ටෙස්ට් කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසට ද වාර්තා අතරට එක්වනවා.

දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකාවට සියලුදෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 215ක් පමණයි.

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායමට මෙම තරගයේ ජය හිමිවුණා.

මෙම තරගය දෙරට අතර පැවති පළමු කාන්තා ටෙස්ට් තරගය ලෙසට ද වාර්තා අතරට එක්ව තිබෙනවා.

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති 20යි 20 තරගාවලිය 2ට එකක් ලෙස ඔස්ට්‍රේලියාව ජයගත් අතර එක්දින තරගාවලිය ද ජය ගත්තේ දෙකට එකක් වශයෙන්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »