මදුරු ටෝනාඩෝවකින් ඉන්දියාවට බලපෑම්

ඉන්දියාවේ පූනේ නගරයේ මිනිසුන් බිය ගන්වන සුළු අසාමාන්‍ය මදුරු ගහනයක් පූනේ අහසේ සැරසරන ආකරය දැක්වෙන වීඩියෝවක් ඊයේ (12දා) දවස පුරා ලොව පුරා පැතිර ගියා.

සුළි කුණාටුවක් ලෙසින් දිස් වූ මෙම අසාමාන්‍ය දසුන බොහෝ දෙනෙකු හැඳින් වූයේ ‘මදුරු ටෝනාඩෝ එකක් ලෙසින්.

පූනේහි කේෂව්නගර් සහ ඛාරාඩි ගව්තාන් ප්‍රදේශවල අහසේ මෙම මදුරු සුළි කුණාටුව සැරසරා ඇත.

ඉන්දීය පරිසරවේදීන් පවසන්නේ, පූනේ නගරය හරහා ගලායන මූතා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම අසාමාන්‍ය සංසිද්ධිය ඇතිවන්නට ඇති බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය නිසා ප්‍රදේශවාසීන් දැඩි භීතියට පත්ව සිටියි.

මෙම මදුරු උවදුර නිසා තමන් ගැටලු රැසකට මුහුණදී සිටින බවට ඔවුන් සෞඛ්‍ය අංශයන්ට චෝදනා කරයි.

විශේෂයෙන් මෙම ප්‍රදේශයේ පූනේහි ධනවතුන් ජීවත්වන මහල් සංකීර්ණ කිහිපයක්ද පිහිටා තිබෙන අතර, ඔවුන්ට සිය සුඛෝපභෝගී නිවසේ බැල්කනියේ දොරවල් පවා විවෘත කිරීමට නොහැකි වි තිබෙනවා.

කේෂව්නගර් සහ ඛාරාඩි ගව්තාන් ප්‍රදේශවල සෑම උද්‍යානයක්ම ළමයින්ට තහනම් කර ඇති අතර, ප්‍රදේශවාසින්ට හැකිතරම් නිවෙස්වලටම වි සිටිනැයි උපදෙස් ලබා දී ඇත.

කෙසේ වෙතත් නගරවැසියන් කිහිප දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ තම ගැටළු පිළිබඳව ප්‍රකාශ කරමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ, මෙම තත්ත්වයට පියවර ගෙන හානියට පත් ප්‍රදේශය පිරිසිදු කරන ලෙසයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »