ඇඩිලේඩ් හි ගසක අත්තක් කඩා වැටී විදෙස් සිසුවියක් මරුට

ඇඩිලේඩ් හි උද්‍යාන භූමියක ගසක අත්තක් කඩා වැටීමෙන් මෙරට අධ්‍යාපනය සදහා පැමිණි විදෙස් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයක පාපන්දු පිටිය අසළ පිහිටි උද්‍යානයක් තුළ දී මෙම අනතුරු සිදුව තිබුණා.

සිද්ධිය් සැලවීමත් සමග විශ්ව විද්‍යාල සහ පාසැල් භූමි ආශ්‍රිතව මෙලෙස අවධානම් සහිත ගස් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බල වාර්තාවක් ලබා දෙන්නැයි අධ්‍යාපන බලධාරීන් නිලධාරීන්ට උපදෙස් ලබා දි ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයේ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තවදුරත් සැළකිසිමත් විය යුතු බව ද දෙමාපියන් චෝදනා නගනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණියක් වන අතර ඇගේ වියෝව පිළිබඳ මිතුරන් දැඩි කම්පනයට පත්ව ඇති බවද සදහන්.

කෙසේ වෙතත් මෙවැනි තත්වයන් පාලනය කිරීමට උද්‍යාන, පොදු ස්ථාන, පාසැල් සහ විශ්ව විද්‍යාල භූමි අවට පැරණි සහ අනාරක්ෂිත ගස් ඉවත් කිරීමා හෝ කප්පාදු කිරීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »