අඩු වැටුප් ලබපු Optus සේවකයින්ට ඩොලර් මිලයන ගනන් වන්දි

අඩු වැටුප් සහිත සේවකයින් සඳහා ඩොලර් මිලියන 7.8ක මුදලක් ආපසු ගෙවීමට Optus  සමාගම නියම වී තිබෙනවා.

ඒ අනුව ඔම්බුට්ස්මන් කාර්යාලය නිවේදනය කළේ ඔස්ට්‍රේලියාව පුරා අඩු වැටුප් ලබන Optus සේවකයන්ට නියම තක්සේරු වැටුප ගෙවන ලෙසයි.

ඊට අදාළ ගිවිසුමක් ද ප්‍රධානීන් විසින් අත්සන් කර ඇති බව සඳහන්.

Optus හී අභ්‍යන්තර සමාලෝචනයකින් අනතුරුව 2014 වසරේ ජනවාරි මස සිට 2020 මාර්තු දක්වා කාලසිමාව තුළ  සේවය කළ අඩු වැටුප් සහිත සේවකයින් හට මෙලෙස නිසි වැටුප් ගෙවීම ආරම්භ වනු ඇති.

Optus සේවකයින් හට ඔවුන්ගේ සම්පූර්ණ නීත්‍යානුකූල හිමිකම් නොලැබීමට හේතුවෙන් 2021 අප්‍රේල් මස ඔම්බුට්ස්මන් කාර් යාලය වෙත පැමිණිල්ලක් යොමු කිරීමට අගතියට පත් සේවකයින් කටයුතු කර තිබුණා.

මෙලෙස අගතියට පත් සේවකයින් සඳහා නැවත මුදල් ගෙවීම අදියර කිහිපයක් යටතේ සිදු වන අතර වත්මන් සහ හිටපු සේවකයින් 3744කට මේ යටතේ ප්‍රතිලාභ හිමිවනු ඇති.

කෙසේ වෙතත් ඔම්බුඩ්ස්මන් කාර්යාලය පැවසුවේ දැනටමත් Optus සේවකයින්ගෙන් බහුතරයකට තම නිසි වැටුප ආපසු ගෙවා ඇති බවයි.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »