Search

නවසීලන්තයේ Manaaki Scholarship අයදුම්පත් දැන් විවෘතයි

විදේශ සිසුන් සදහා නවසීලන්තය විසින් ලබාදෙන Manaaki (මනාකී) ශිෂ්‍යත්ව සදහා අයදුම්පත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය අද සිට විවෘත කර තිබෙනවා.

අයදුම්පත් බාරගන්නා අවසන් දිනය පෙබරවාරි 29 වන දින නවසීලන්ත වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12ට බව සදහන්.

අයදුම්පත් භාර ගන්නා අවසන් වේලාවේදී මාර්ගගත පද්ධතියේ අධික තදබදයක් ඇතිවන බැවින් ඒ සදහා සුදුසුකම් ඇති සිසුන් තම අයදුම්පත කල්තියා ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටිනවා

Manaaki ශිෂ්‍යත්වය යටතේ නවසීලන්තයේ අනුමත අධ්‍යාපන ආයතන එකොළහක් පවතින අතර ඒ සදහා තාක්ෂණික ආයතන තුනක්ද ඇතුලත්.

අයදුම්කරුවන් එක් එක් ආයතනය සහ ඔවුන්ගේ පාඨමාලා නාමාවලිය ගැන අධ්‍යයනය කර අයදුම් කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටිනවා.

මේ පිළිබද වැඩිදුර තොරතුරු www.studyinnewzealand.govt.nz වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »