ඔස්ට්‍රේලියාවේ ආහාර අනාරක්ෂිතභාවට ඉහළට

ජීවන වියදම ඉහළ යාම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයටක් එල්ල වී තිබෙනවා.

නව පර්යේෂණයකට අනුව ඔයාගෙන ඇත්තේ ඉහළ යන ජීවන වියදම හමුවේ සමබර ආහාරවේලක් ලබාගැනීමට නොහැකිවීමෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍යයට දිගුකාලීන බලපෑම් ඇති කරන බවයි.

පුද්ගලයින් 1,248 දෙනෙකු යොදාගනිමින් සිදුකළ අධ්‍යයනයේදී හෙළිව ඇත්තේ පවතින මූල්‍ය ආතතිය සමග ආහාර සදහා වැයකරණු ලබන මුදල් කපාහැර ඇති බවයි.

අධ්‍යයනය සදහා ප්‍රතිචාර දැක්වූවන් කියා සිටියේ අඩු සහ ලාභදායී ආහාර මිලදී ගැනීම මෙන්ම, නිවාස හා ප්‍රවාහන වියදම් කපා හැරීමට, වත්කම් විකිණීම පෙළඹ ඇති බවයි.

තවද වැඩිපුරම ආහාර අනාරක්ෂිත භාවය අත්විඳින පුද්ගලයින් වැඩිවශයෙන් මුදල් ඉතිරි කිරීමට පෙළඹීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මේ තත්වය පුද්ගල සෞඛ්‍යට වඩාත් බලපෑම් සිදු කරන අතර, ඔස්ට්‍රේලියාවේ සෑම වැඩිහිටි පුද්ගලයින් 8 දෙනෙකුගෙන් දෙදෙනෙක් අනිවාර්‍ය ආහාර අනාරක්ෂිතභාවය අත්විදින බවද සදහන්.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »