මෙල්බන්හි කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නක් පාලනය කර තිබෙනවා.
උතුරු මෙල්බන්හි Maygar Boulevard හි පිහිටි ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවක උදෑසන ගින්නක් හටගත්තා.
එය පාලනය කිරීම සඳහා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසි පස් දෙනෙකු පමණ සම්බන්ධ වූ බවයි වාර්තා වන්නේ.
ආසන්නයේ පිහිටි වෙනත් කර්මාන්තශාලා වෙත ගින්න පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ගින්න ඇතිවන අවස්ථාවේදී කර්මාන්ත ශාලාවේ කිසිවෙකු නොසිටි අතර ගින්නට හේතුවද මෙතෙක් හෙළිව නැහැ.