නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා නීති උල්ලංඝනය කල තාවකාලික වීසා හිමියන් ගේ වීසා අවලංගු කිරීමට තීරණයක්!

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා නීති උල්ලංඝනය කල තාවකාලික වීසා හිමියන් ගේ වීසා අවලංගු කිරීමට තීරණයක්! 

ඕස්ට්‍රේලියාවට තම නිවාඩුව ගත කිරීමට පැමිණ ඇති තාවකාලික වීසා බලපත්‍ර හිමියන්(Backpackers) බොහොමයන් සිඩ්නි හි Bronte වෙරළ තීරයේ නත්තල් දිනයේ නීති විරෝධී ලෙස සාදයන් පැවැත්වූ බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කලේය​.

මෙවැනි පුද්ගලයින් ගේ වීසා පිළිබඳව පරීක්‍ෂා කර අවශ්‍ය අවස්ථාවන්හිදී ඔවුන් ගේ වීසා අවලංගු කරන ලෙස ආගමන විගමන අමාත්‍ය Alex Hawk පැවසීය​.

සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ  පවතින කොරෝනා ආසාදිතයන් ගේ ව්‍යාප්තිය හමුවේ මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා විවිධ ප්‍රදේශන්හි කොරෝනා නීති බොහොමයක් ක්‍රියාත්මක වන අතර මෙම නීති නොතකා පසුගිය සති අන්තයේ සිඩ්නි හි විවිධ ස්ථානයන් හි නීති විරෝධී අයුරින් පුද්ගලයින් එක් රැස් වී ඇති බව වාර්තා වේ.

නත්තල් දිනය සඳහා COVID සීමා කිරීම් අතරේ උතුරු වෙරළ තීරයෙන් පිටත රැස්විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 100 වූ අතර මෙය නොතකා ජනතාව වෙරළ තීරයේ රැස් වී ඇත​.

ආගමන විගමන අමාත්‍ය Alex Hawk කියා සිටියේ පසුගිය සතියේ මහජන සෞඛ්‍ය නියෝග, නීති රීති උල්ලංඝනය කර ඇති තාවකාලික වීසා බලපත්‍රයක් සහිත ඕනෑම අයෙකු අලුත් අවුරුදු සැමරුම් උත්සවයට පෙර රජය විසින් තක්සේරු කරන බවයි.

වීසා බලපත්‍ර සම්බන්ධයෙන් COVID සීමාවන් උල්ලංඝ​නය කරන පුද්ගලයින් සම්බන්ධ ඕනෑම සිද්ධියක් “ඉදිරියට ගෙන එන ලෙස” NSW බලධාරීන් සමඟ කටයුතු කරන ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ආගමන ඇමති Alex Hawk පැවසීය.

(ABCNews)

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »