Search

එළිමහන් ශාරීරික ව්‍යායාම වලින් වළකින ලෙස ඔස්ට්‍රේලියාවේ ජනතාවට උපදෙස්

අධික උෂ්ණත්වය සමග එළිමහන් ශාරීරික ව්‍යායාම වලින් වළකින ලෙසයි, වෛද්‍ය විශේෂඥයන් ඔස්ට්‍රේලියාවේ ජනතාවට උපදෙස් දෙන්නේ.

ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිහකට ආසන්න අගයකයි පවතින්නෙ.

එවැනි උෂ්ණත්වයකදී එළිමහනේ ශාරීරික ව්‍යායාමවල නිරතවීමෙන් විවිධ ඉන්ද්‍රියයන් අක්‍රිය වීමේ ඉඩකඩක් පවතින බවයි, ඔස්ට්‍රේලියා නැෂනල් යුනිවර්සිටි හි වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම අධික උෂ්ණත්වය මොළයට බලපෑම් කරන බව අධ්‍යයනවලින් තහවුරු වී තිබෙනවා.

එය මාරාන්තික තත්ව ඇතිවීමට හේතුවන බවයි, විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

ඒ නිසා උදයේ සිසිල් කාලගුණයක් පවතිනවිට ව්‍යායාම වල නිරත වීම සුදුසු බවයි නිර්දේශය වී තිබෙන්නේ. 

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »