Search

මානුෂීය ආධාර වෙනුවෙන් ඩොලර් මිලියන 265 ක්

මානුෂීය ආධාර වෙනුවෙන් ඩොලර් මිලියන 265 ක් වෙන් කරන බවයි, ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර සරණාගත සමුළුවේදී ප්‍රකාශ කළ පරිදි, මුදල ලබා දීමට වත්මන් රජය සූදානම් බවයි විදේශ අමාත්‍ය පෙනී වොන්ග් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

ඒ අනුව රොගින්යා සරණාගතයන් වෙනුවෙන් බංග්ලාදේශයට සහ භා මියන්මාරයට ඩොලර් මිලියන දෙසිය තිස් පහක් ලබා දෙන බවයි සඳහන් වන්නේ.

ඩොලර් මිලියන 20ක් වැය කෙරෙන්නේ, ඇෆ්ගනිස්ථාන ජනතාව වෙනුවෙන්.

විවිධ හේතු මත විපතට පත්ව සිටින සුඩානයේ ජනතාව වෙනුවෙන් ද ඔස්ට්‍රේලියා මානුෂීය ආධාර හිමිවන අතර, එය  ඩොලර් මිලියන දහයක් බවයි සඳහන් වෙන්නේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත සමුළුව පසුගිය 13 වනදා සිට ඊයේ තෙක් පැවැත්වුණා.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »