
නිෂ්පාදන ගැටලු හේතුවෙන් ලෙනෝවෝ පවර් බෑන්ක් වෙළඳපොලෙන් ඉවත් කිරීමට ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම මැදිහත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.
පසුගිය මැයි 12 වනදා සිට ජූලි 08 දක්වා නිකුත් කළ මිලි ඇම්පියර් 20000 ක ධාරිතාවක් ඇති පවර් බෑන්ක් ඒ යටතේ නැවත කැඳවීමටයි ලෙනෝවෝ ආයතනයට සිදුව ඇත්තේ.
නිෂ්පාදන ගැටලුවක් නිසා පවර් බෑන්ක් පුපුරා යාමේ අවදානමක් ඇති බව සඳහන්.

ඒ නිසා ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම කියාසිටින්නේ, එක් රැස් කරන ස්ථානවලට පමණක් එම පවර් බෑන්ක් ආපසු ලබාදිය යුතුද බවයි.
වෙනත් ක්‍රමවලට ඒවා බැහැර කිරීම නුසුදුසු බවත්, පවර් බෑන්ක් පුපුරා යාමෙන් ගිනි ඇතිවීමේ අවදානමක් පවතින බවත් කොමිසම පෙන්වා දී තිබෙනවා.
