යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට ඩොලර් බිලියන 27 ක්

යකඩ නිෂ්පාදනය කර්මාන්ත ශාලාවක් වෙස්ටන් ඔස්ට්‍රේලියා හි පිහිටුවීමටයි, දකුණු කොරියාවේ ප්‍රධානතම යකඩ නිෂ්පාදන සමාගමක් වන පොස්කෝ සැලසුම් කර ඇත්තේ.

ඩොලර් බිලියන 27 ක් ඊට ආයෝජනය කෙරෙන බව සඳහන්.

පෝට් හෙඩ්ලන්ඩ් හි කර්මාන්ත ප්‍රදේශයේ කම්හල ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි, දකුණු කොරියා සමාගම පවසන්නේ.

නව කර්මාන්ත ශාලාවෙන් නිපදවීමට බලාපොරොත්තු වන යකඩ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 12 ක් බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

එය ඔස්ට්‍රේලියාවේ යකඩ නිෂ්පාදනය මෙන් තුන් ගුණයකට සමානයි. 

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »