
උෂ්ණත්වය වැඩිවීමත් සමග ඇතිවිය හැකි ගැටලු පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති බවයි ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය පවසන්නේ.
පසුගිය වසර කිහිපය ඇතුළත වාර්තා වූ වැඩිම සාමාන්‍ය උෂ්ණත්වයක් සහිත වර්ෂය ලෙසයි 2023 සැලකෙන්නේ.
මේ වන විට ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ආසන්නයේ පවතින බවත් රජය පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් ජනතාවට විවිධ සෞඛ්‍ය තර්ජන ඇති විය හැකි බවටයි සෞඛ්‍ය අංශ විශ්වාස කරන්නේ.
ඊට අවධානය යොමු කළ ඔස්ට්‍රේලියා රජය ප්‍රාන්ත රාජ්‍ය නියෝජිතයින් සහ පෞද්ගලික අංශ නියෝජිතයින් සමඟ ද පවතින තත්වය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

අධික උෂ්ණත්වයට මුහුණදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් එහිදී හඳුනාගත් බවයි වාර්තා වෙන්නේ.
පසුගිය වසර 10 ඇතුළත ඔස්ට්‍රේලියාවට බලපෑ උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 300 දෙනෙකු පමණ ක්ම මියගොස් ඇති බවයි සෞඛ්‍ය හා සුභසාධන ඔස්ට්‍රේලියා ආයතනය පෙන්වා දී තිබෙන්නේ.
රෝගාබාධ හේතුවෙන් රෝහල්ගත කරන ලද සංඛ්‍යාව හත්දහසකට වැඩි බවත් සඳහන්.