වෙස්ටන් ඔස්ට්‍රේලියා පොදු ප්‍රවාහන සේවා නොමිලේ

උත්සව සමයේ දී පොදු ප්‍රවාහන සේවාවල මගීන්ගෙන් ගාස්තු අය නොකිරීමටයි වෙස්ටන් ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙන්නේ.

ලබන විසි හතර වන දා සිට ජනවාරි 28 වනදා තෙක් සියලු පොදු ප්‍රවාහන සේවාවලදී ගාස්තු අය නොකෙරෙනු ඇති.

ඉහළ යන ජීවන වියදම හමුවේ ප්‍රාන්තයේ ජනතාවට සහන සැලසිය යුතු බව ස්ථාවරය වී ඇතැයි ප්‍රාන්ත රජය පෙන්වා දෙනවා.

ඒ අනුව ගනු ලැබූ තීරණයෙන් පොදු ප්‍රවාහන සේවා දිනපතා භාවිත කරන මගීන්ට ඩොලර් සියගණනක මුදල් ඉතිරියක්  සිදුවන බවයි වෙස්ටන් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය රොජර් කුක් පෙන්වා දෙන්නේ.

පොලී අනුපාතය වැඩිවීමත් වෙනත් විවිධ අහිතකර තත්ව නිසාත් පවුල් රැසක් අර්බුදවලට ලක්ව ඇති බවත් එය දූ දරුවන් සමඟ විනෝද චාරිකාවක නිරත වීමට ද  අහිතකරව බලපාන බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. 

එවැනි තත්ත්වයකදී ජනතාවට සුළු සහනයක් ලබා දීම ගාස්තු අත්හිටුවීමේ අරමුණ බවයි ඔහු සඳහන් කරන්නේ.

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »