
නත්තල් සමයේදී ඔස්ට්‍රේලියාවේ චෙරි මිල වැඩි විය හැකි බවට මත පල වී තිබෙනවා.
දශකයකට පමණ පසු වගාවට ඉතා අයහපත් කාලසීමාවක් උදාවූ බවයි නිෂ්පාදකයන් පෙන්වා දෙන්නේ.
දැඩි වර්ෂාපතනය සහ සුළං සහිත තත්ව නිසා ඵලදාව මීට පෙර වසර වලට සාපේක්ෂව අඩුවී ඇති බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

නවතම වාර්තා පෙන්වා දෙන්නේ ප්‍රදේශ කිහිපයක චෙරි නිෂ්පාදනය සියයට අසූවකින් පමණ අඩුවී ඇති බවයි.
ඒ නිසා උත්සව සමයේදී චෙරි මිල වැඩිවනු ඇතැයි චෙරි නිෂ්පාදකයන්ගේ සංගමය පෙන්වා දෙනවා.
