ප්‍රථම වරට ශ්‍රී ලාංකික නිළියක් කොරෝනා එන්නත ලබා ගනී. – AusLanka TV – Australian News for the Sri Lankan community

ප්‍රථම වරට ශ්‍රී ලාංකික නිළියක් කොරෝනා එන්නත ලබා ගනී.

ප්‍රථම වරට ශ්‍රී ලාංකික නිළියක් කොරෝනා එන්නත ලබා ගනී.

ප්‍රථම වරට ශ්‍රී ලාංකික නිළියක් කොරෝනා එන්නත ලබා ගනී.

ලන්ඩනයේ ජිවත්වන ශ්‍රී ලාංකික නිළි පුණ්‍යා හීන්දෙනිය මහත්මියට එරටදී කොවිඩ් එන්නත ලබා ගැනීමට හැකිවී තිබෙනවා.

ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කොවිඩ්-19 එන්නත ලබාදෙන ප්‍රථම අදියරේදී මෙම එන්නත ඇයට ලබා ගැනීමට අවස්ථාව ලැබුණු බව පවසා තිබෙනවා.

එමෙන්ම මෙම වසංගතය ඉක්මනින් ලොවෙන් තුරන් වන ලෙස ප්‍රාර්ථනා කරන බවත් ඇය පවසා තිබෙනවා.

ඇය ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂක හදවත් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පිනියක්.

ගම්පෙරළියේ නන්දා ලෙසිනුත්,සිකුරු තරුවේ අනුලා චරිතයෙනුත් ,පරසතුමල් චිත්‍රපටයෙ කමලා ලෙසත්, ඇය විවිධ චරිත ඔස්සේ ජනතාවගේ හදවත් වලට සමීප වුණා.

(ColomboTimes)

COMMENTS