අඩාල වී තිබූ සියලුම ඔප්ටස් සේවා පැය 12 කට පසු පූර්ණව යථා තත්වයට පත් කර තිබෙනවා.
ඔප්ටස් සමාගම නිවේදනය කලේ මෙම තාක්ෂණ දෝෂයට හේතුව සොයා විමර්ශනයක්ද ක්‍රියාත්මක බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවත් එහි වැඩිදුරටත් සඳහන්.
මේ අතර අපහසුතාවයට පත් පාරිභෝගිකයන් වෙනුවෙන් වන්දි ලබාදීම කෙරෙහිද ඔප්ටස් සමාගමේ අවධානය යොමුවී තිබෙනවා.
මෙම බිඳ වැටීම හමුවේ ඔස්ටේ්‍රලියාව පුරා මිලියන 10 කට පමණ බලපෑම් එල්ල වී තිබුණා.