QLD ශ්‍රවණධාර සංකූලතා මතුවූ තවත් 100 කට $ මිලියන 2.2 ක වන්දි

ශ්‍රවණාබාධ සඳහා ප්‍රතිකාර ගැනීමේදී සංකූලතා මතුවූ පිරිස් ඉහළයාමත් සමග ලබාදෙන වන්දි මුදල් ඉහළ දැමීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව තවත් 100 කට වැඩි පිරිසක් වන්දි ලැබීමට සුදුසුකම් ලබනු ඇති.

මින් බහුතරයක් කුඩා ළමුන් වන අතර කොක්ලියර් නම් ශ්‍රවණාධාර උපකරණය පැළඳීමේදීයි මෙම සිදුවීම් වාර්තා වී තිබුණේ.

ආබාධවලට ලක්වූ සියල්ලන්ට ඩොලර් 50,000 ක් බැගින් වන්දි පිරි නැමීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ඩොලර් මිලියන 2.2 ක මුදලක් වෙන් කර ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »