Search

අවලංගු කල ගුවන් ගමන් වංචාව – ක්වන්ටාස්ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

කොවිඩ් සමයේ අවලංගු කල ගුවන් ගමන් වාර සම්බන්ධයෙන් වංචාවක් සිදුකල බවට ක්වන්ටාස් සමාගමට එරෙහිව පවරා ඇති නඩු විභාගය ආරම්භ වී තිබෙනවා.

මෙල්බන් නුවර ෆෙඩරල් අධිකරණයක් හමුවේ අද දිනයේදී වගඋත්තරකාර ක්වන්ටාස් සමාගම සහ පැමිණිලිකාර ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම පෙනී සිටි බව සඳහන්.

මෙහි වැඩිදුර කරුණු සලකා බැලීම ලබන වසරේ පෙබරවාරි 28 වනදා දක්වා කල් ගොස් තිබෙනවා.

2022 වසරේ මැයි සිට ජූලි දක්වා කාලය තුළ අවලංගු කරනු ලැබූ ගුවන් වාර 10,000 ක් පමණ වෙනුවෙන් ගුවන් මගීන් දැනුවත් නොකිරීම ක්වන්ටාස් සමාගමට එරෙහි ප්‍රධාන චෝදනාවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිසියාකාරයෙන් මුදල් ආපසු ගෙවීම් සිදුකල බවටයි ක්වන්ටාස් සමාගම තර්ක කරන්නේ.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »