ඔස්ට්‍රේලියාව තුළ නිවසක හිමිකාරීත්වය දැරීමට අවශ්‍ය අඩුම මුදල මෙන්න

නවතම පොළී අනුපාතික වෙනසත් සමග ඔස්ට්‍රේලියාව තුළ නිවසක හිමිකාරීත්වය දැරීම සඳහා සාමාන්‍ය වැටුප මෙන් 03 ගුණයක ආදායමක් තිබිය යුතු බවට තක්සේරු කර තිබෙනවා.

ෆයින්ඩර් ආයතනය සිදුකර ඇති සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ ඩොලර් 926,899 ක් වටිනා නිවසක් මිළදී ගැනීම වෙනුවෙන් වන උකස් ණයක් සඳහා අවම වශයෙන් ඩොලර් 182,000 ක වාර්ෂික වැටුපක් අවශ්‍ය වන බවයි.

කෙසේවෙතත් සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා අනුව මෙරට සාමාන්‍ය වාර්ෂික වැටුප සටහන් වන්නේ ඩොලර් 65,000 ක් ලෙසයි.

ඩොලර් 659,130 ක් වටිනා නිවාස ඒකකයක් මිළදී ගැනීම සඳහා අවම වශයෙන් වසරකට ඩොලර් 130,000 ක වැටුපක් ලැබිය යුතු බවටයි වැඩිදුරටත් ගණන් බලා ඇත්තේ.

පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් cash rate අගය ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව ඊයේ තීරණය කලා.

ඒ අනුව සියයට 4.10 ක් ලෙස පැවති එම අගය සියයට 4.35 දක්වා ඉහළ ගියා.

2022 වසරේ මැයි මාසයෙන් පසු පොළී අනුපාතික ඉහළ දමනු ලැබූ 13 වන අවස්ථාව මෙයයි.

2011 වසරේ නොවැම්බර් මාසයෙන් පසු ඔස්ට්‍රේලියාවේ cash rate අගය මෙතරම් ඉහළම අගයකට පැමිණි පළමු අවස්ථාවද මෙයවීම විශේෂත්වයක්.

ඩොලර් ලක්ෂ 05 ක නිවාස ණයක් ගෙන ඇති අයෙකුට පොළී අනුපාතික ඉහළ දැමීමත් සමග මාසික වාරිකයේ වැඩිවීම ඩොලර් 76 ක් පමණ වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

ඒ අනුව මාස 18 ක් තුළ සිදුවූ සමස්ත වාරික ඉහළයාම ඩොලර් 1,210 ක් වනු ඇති.

ඩොලර් මිලියනයක පමණ ණයක් ගෙන ඇති අයෙකුගේ එම වාරික ඉහළයාම ඩොලර් 2,420 ක් ලෙසට තක්සේරු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »