Search

මෙල්බන් හි විශාලම ලාංකික ක්‍රිකට් තරගාවලිය මෙවරත්

කලුතර විද්‍යාලයේ ඔස්ටේ්‍රලියා ආදි ශිෂ්‍ය සංගමය මෙහෙයවන “ශ්‍රී ලංකන් ක්‍රිකට් කානිවල් 2024” ලබන වසරේ ජනවාරි 26 වනදා පැවැත්වෙනවා.

ඒ මෙල්බන් ඩැන්ඩිනොන්ග් හි ෂෝ ග්‍රවුන්ඩ්ස් ක්‍රීඩාංගණයේදීයි.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිරිමි පාසල් 32 ක ආදි සිසුන් සහභාගීවන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මෙහි ප්‍රධානතම ඉසව්වයි.

ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බාලිකා පාසල් 04 ක ආදි ශිෂ්‍යාවන් වෙනුවෙන් වෙනම තරගාවලියක් ද එදින පැවැත්වෙනවා.

ඕනෑම වයස් කාණ්ඩයක පිරිස් සඳහා විවිධ වැඩසටහන් ගණනාවක් එදිනට සංවිධාන කර තිබීම විශේෂත්වයක්.

විවිධ ආහාර පාන – ලාංකික කෑම වර්ග – පපරේ සංගීතය මෙන්ම කුඩා ළමුන් වෙනුවෙන් සැකසුණු විශේෂාංග ද ඊට අයත්.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල දැනට ඔස්ටේ්‍රලියාවේ වාසය කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩකන් පිරිසක් ද මෙදිනට සහභාගීවීමට නියමිතයි..

ශ්‍රී ලංකන් ක්‍රිකට් කානිවල් 2024 පිළිබඳ වැඩි විස්තර හෝ වෙළඳ කුටි වෙන් කරවා ගැනීම් පිළිබඳ පහත දුරකථන අංකවලින් විමසීම් කල හැකියි.

0421 315 711

0414 037 237

0450 031 292

ශ්‍රී ලංකන් ක්‍රිකට් කානිවල් 2024 සඳහා මාධ්‍ය අනුග්‍රහය AusLanka TV මාධ්‍ය ජාලයෙනි.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »