තරුණ ඔස්ට්‍රේලියානුවන් මානසික සෞඛ්‍ය ආබාධවලට ගොදුරුවීම ඉහළට

ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය ආබාධ සියයට 50 කින් ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

අදාළ වාර්තා පෙන්වා දෙන්නේ ගතවූ වසර 15 තුළ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය දිගින් දිගටම පිරිහී ඇති බවයි.

වයස අවුරුදු 16 ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 40 ක් 2020-2022 කාලසීමාවේදී කුමන හෝ මානසික ආබාධයකට ගොදුරු වී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ගතවූ වසර 02 දී මිලියනයකට අධික තරුණ පිරිසක් කුමන හෝ මානසික සෞඛ්‍ය පිරිහීමකට නතුව තිබීම විශේෂත්වයක්.

මානසික පීඩාවට පත්වුවන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් බව සඳහන්.

2007 වසරේ සිට සෑම තරුණ පිරිමි පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් මානසික සෞඛ්‍ය ආබාධයන්ට ගොදුරු වි ඇති බව සදහන්.

තරුණ ගැහැණු ළමුන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු කුමන හෝ මානසික ආබාධවයකට පත්ව තිබෙන බවයි අනාවරණය වන්නේ.

මේ අතර සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් 03 දෙනෙකුගෙන් එක් අයෙකු ද කුමන හෝ මානසික ආබාධයකට ලක්වන බවටයි හඳුනාගෙන ඇත්තේ.

හුදකලාව හා කාංසාව මෙන්ම සමාජ මාධ්‍ය ද මානසීක ආබාධ සඳහා ප්‍රධාන හේතු ලෙසයි හදුනාගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »