ලොව උසම දැවමය දෙමුහුන් ගොඩනැගිල්ල පර්ත් නගරයට

ලොව උසම දැවමය දෙමුහුන් ගොඩනැගිල්ල පර්ත් නගරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

මීටර් 189 ක උසකින් යුත් එය මහල් 50 කින් සමන්විත අතර එතුළ මහල් නිවාස 200 ක් ඉදිවීමට නියමිතයි.

අදාල සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමට මේ වන විට අනුමැතිය ලැබී ඇති අතර එහි ගෘහ නිර්මාණ ශිල්පීන් පවා තෝරාගෙන අවසන්.

මෙම ගොඩනැගිලි ව්‍යුහයෙන් සියයට 40 ක් ශක්තිමත් සැහැල්ලූ දැව වලින් නිර්මාණය කිරීමටයි සැළසුම්කරුවන් පියවර ගෙන ඇත්තේ.

අදාළ ගොඩනැගිල්ල තුළ සියයට සියයක් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමද විශේෂත්වයක්.

පාරිසරික තිරසාරභව රැකෙන අන්දමින් හරිත පරිසරයක් තුළ දැවමය ගොඩනැගිල්ල ඉදිකිරීම පිළිබඳවද ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විද්‍යුත් වාහන 80 ක් සදහා ද පහසුකම් සපයා තිබෙනවා.

මහල් 25 කින් සමන් විත දැනට ලොව පවතින උසම දැවමය ගොඩනැගිල්ල ඇමරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයේ පිහිටා ඇති අතර එහි උස මීටර 86.6 ක්.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »