දීර්ඝ සති අන්තයේදී වික්ටෝරියා මාර්ගවල නීති කැඩූ 5,000 කට වැඩි පිරිසකට චෝදනා

දීර්ඝ සති අන්තයේදී වික්ටෝරියා මාර්ගවලදී විවිධ රථවාහන නීති කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා 5,000 කට වැඩි සංඛ්‍යාවක් ගොණු කර තිබෙනවා.

සමස්ත චෝදනා 5,483 ක් අතුරින් 2,341 ක් අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධ වැරදි වන අතර 489 ක් ලියාපදිංචි නොමැති වාහන ධාවනය සම්බන්ධයෙන් වනවා.

අත්හිටුවන ලද රියදුරු බලපත් භාවිතයෙන් රිය පැදවූ 352 දෙනෙකු මෙම කාලසීමාවේදී හඳුනාගෙන තිබෙනවා.

බීමතින් රිය පැදවූයේද යන්න තහවුරු කරගැනීමට මෙම කාලසීමාවේදී පරීක්ෂණ 112,750 ක් සිදුකර ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

එහිදී 213 දෙනෙකු එම වරදට අදාළව හඳුනාගෙන තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »