බටහිර ඔස්ට්‍රේලියා පොලිස් සේවයට ඉල්ලූම් කරන විදේශිකයින්ට වීසා ලබා ගැනීමේ දුෂ්කරතා

බටහිර ඔස්ට්‍රේලියාවේ පොලිස් සේවය සදහා ඉල්ලූම් කරන විදේශිකයින්ට වීසා ලබා ගැනීමේදී දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවන බවට අනාවරණ වී තිබෙනවා.

නව බදවා ගැනීම් යටතේ විදේශිකයින් 30 දෙනෙකු බටහිර ඔස්ටේ්‍රලියාවේ පොලිස් සේවයට මේ වනවිටත් තෝරාගෙන අවසන්.

එහෙත් සැළකිය යුතු පිරිසක් වීසා ප්‍රතික්ෂේප වීම හමුවේ එම අවස්ථා ප්‍රතික්ෂේප කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඇතැම් නිලධාරීන්ට වීසා ලැබුණද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විවිධ සෞඛ්‍ය හේතු මත වීසා නොලැබීමද ප්‍රධාන ගැටලුවක් බව සඳහන්.

මේ අතර බටහිර ඔස්ටේ්‍රලියාවේ පොලිස් සේවය සඳහා පසුගිය මාස 12 තුළ ජාත්‍යන්තරයෙන් අයදුම්පත් 1,400 ක් පමණ ඉදිරිපත්ව තිබුණා.

ඉදිරි වසර 05 තුළ බි්‍රතාන්‍ය, අයර්ලන්තය සහ නවසීලන්ත නියෝජනය වන පරිදි බටහිර ඔස්ටේ්‍රලියාවේ පොලිස් සේවය සදහා විදේශ නිලධාරීන් 750 ක් බදවා ගැනීමට ද නියමිතයි.

බදවා ගැනීමේ උත්සවයකට එක්වෙමින් ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කරේ රට තුළ ආගමන විගමන නීති සම්බන්ධව යම් අර්බුධයක් පවතින බැවින් වසර අවසන් වන විට අදාළ ගැටලූ නිවැරදි කිරීමට පියවර ගන්නා බවයි.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »