මදුරුවන් නිසා පැතිරෙන බැක්ටීරියාවක් ගැන මෙල්බන්වාසීන්ට අනතුරු ඇගවීමක්

සම ආශ්‍රිත බැක්ටීරියා ආසාදන රෝගයක් සම්බන්ධයෙන් මෙල්බන් වැසියන්ට අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

මදුරුවන් දෂ්ඨ කිරීමෙන් මෙම බැක්ටීරියා ප්‍රභේදය ව්‍යාප්ත වන බවටයි සොයාගෙන ඇත්තේ.

මෙල්බන් වයඹ දිග ප්‍රදේශය සහ අවට තදාසන්න ප්‍රදේශ මෙම රෝග ව්‍යාප්තියේ අවධානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

අදාළ බැක්ටීරියාව මගින් සමෙහි දද හා කුෂ්ඨ ව්‍යාප්ත වීමක් සිදුවනවා.

සමේ වේදනාව සහ සම ආශ්‍රිත ගැටිති මෙහි රෝග ලක්ෂණ වන අතර දින කිහිපයක් තුළ එම තත්ව කුෂ්ඨ දක්වා වර්ධනය වනු ඇති.

රෝගය මූලික අධියර තුල හඳුනා ගැනීමෙන් පාලනය කිරීමේ හැකියාව පවතින බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

මෙම බැක්ටීරියා ආසාධනය දැඩි අවධානම් තත්වයක් නොවන අතර රෝග ව්‍යාප්තිය පාලනය සදහා ජනතා දැනුවත් කිරීම් ආරම්භ කර තිබෙනවා.

නිවෙස් පරිශ්‍ර ආශ්‍රිත බැක්ටිරියා වාහක මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දමන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ.

මදුරුවන් බහුල ලෙස දෂ්ඨ කරන පාද හා දෑත් ආශ්‍රිත එම ගැටිති මූලිකව දිස්වන අතර හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන ලෙස ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »