සේවක වැටුප් ඉහළ දැමීම නිසා රටේ ආර්ථිකයට දැඩී පීඩනයක්

සේවක වැටුප් සියයට 4.7 කින් ඉහළ දැමීම හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩී පීඩනයක් එල්ල වී ඇති බව ෆෙඩරල් සංචිත බැංකුව පවසනවා.

උද්ධමනය හා පොලී අනුපාතික ඉහළ ගොස් ඇති පසුබිමක මෙලෙස වැටුප් වැඩී කිරීම රටේ ආර්ථිකයට දැරිය නොහැකි බවයි ෆෙඩරල් සංචිත බැංකුව නිවේදනය කර ඇත්තේ.

බැංකු – අධ්‍යාපන සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍රද ඇතුලුව අංශ ගණනාවක වැටුප් පසුගිය ජූලි සහ අගෝස්තු මාසවලදී ඉහළ දැමීමටයි බලධාරීන් පියවර ගෙන තිබුණේ.

ඵලදායිතා වර්ධනයකින් තොරව මෙලෙස වැටුප් ඉහළ දැමීම රටේ ආර්ථිකයට අයහපත් ලෙස බලපෑම් කරන බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

2022 මැද භාගයේ සිට මේ දක්වා වාර්තා වූ ඉහළම වැටුප් වර්ධන වේගය වර්තමානයේ සටහන් වන බව පසුගිය දා එළිදැක්වු Fairwork කොමිෂන් සභා වාර්තාවේද සඳහන්.

මේ හේතුවෙන් තවදුරටත් උද්ධමනය හා පොලී අනුපාතික ඉහළ යා හැකි බවටයි ෆෙඩරල් සංචිත බැංකුව අනතුරු අගවා තිබෙන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »