චාල්ස් රජුගේ රුව සහිත කාසි ඔස්ට්‍රේලියාව තුළ නිෂ්පාදනය වසර අවසානයේ සිට

එංගලන්තයේ තුන්වන චාල්ස් රජුගේ රුව සහිත කාසි ඔස්ට්‍රේලියාව තුළ නිෂ්පාදනය වසර අවසානයේ සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව තුන්වන චාල්ස් රජුගේ රුව සහිත කාසි ලක්ෂ 02 ත් 03 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට නියමිතයි.

එළිසබෙත් රැජිණගේ රුව සහිත කාසි ද තවදුරටත් වලංගු වනු ඇති.

දැනට එළිසබෙත් රැජිණගේ රුව සහිත කාසි කොපමණ ප්‍රමාණයක් රට තුළ පවතීද යන්න නිශ්චිතව කිව නොහැකි අතර 1965 සිට කාසි බිලියන 15 කට අධික ප්‍රමාණයක් නිපදවා ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ භාවිත කෙරෙන නෝට්ටු වලින් බ්‍රිතාන්‍ය කිරීටය දරන්නා නිරූපනය කෙරෙන්නේ ඩොලර් 05 නෝට්ටුවේ පමණයි.

කෙසේවෙතත් රැජිණ නිරූපණය වන කාසිවල ඇය බලා සිටින දිශාව සහ චාල්ස් රජු නිරූපණය වන කාසිවල ඔහු බලාසිටින දිශාව එකිනෙකට ප්‍රතිවිරුද්ධවීම විශේෂත්වයක්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »