Search

ඔස්ට්‍රේලියානුවන් වසරකට $ බිලියන 20 ක ආහාර ඉවතලයි

ඔස්ට්‍රේලියානුවන් විසින් පරිභෝජනය නොකර වසරකදී ඉවත ලන ආහාරවල වටිනාකම ඩොලර් බිලියන 20 කට අධික බවට තක්සේරු කර තිබෙනවා.

එයින් සියයට 50 කට පමණ හේතුව පාරිභෝගිකයන් විසින් කල් ඉකුත්වීමේ දිනය පිළිබඳ නොදැනුවත්භාවය බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඇතැමුන් ආහාර ද්‍රව්‍ය මිළදී ගෙන නිවසෙහි තබාගෙන පරිභෝජනය නොකර සිටියදී කල් ඉකුත්වීමේ දිනය ඉක්මවා යාමෙන් ඒවා ඉවතලෑමට සිදුවන බවටද හඳුනාගෙන තිබෙනවා.

සුපිරි වෙළඳසැල් විසින් මේ පිළිබඳ නිසි දැනුවත් කිරීම් සඳහා ඔවුන් ලබන අසීමිත ලාභයෙන් කොටසක් වෙන් කල යුතු බවටයි නිර්දේශ ලැබී ඇත්තේ.

ඒ අනුව ආහාර ලේබල් සම්බන්ධයෙන් විධිමත් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවයද යළි අවධාරණය කෙරෙනවා.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »