
වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 කින් හමුවූ ලිස්ටීරියා ආසාධනවලට හේතුව කුකුල්මස් ආශ්‍රිත නිශ්පාදනයක් බවට තහවුරු කරගෙන තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් – නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්තවලින් මේ වන විටත් රෝගීන් 9 ක් පමණ හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අවන්හල් – කැෆෙ සහ රෝහල් විසින් භාවිත කරන කුකුල් මස් නිශ්පාදනයක මෙම ලිස්ටීරියා බැක්ටිරියා ප්‍රභේදය අඩංගුවී ඇති බවටයි සොයාගෙන ඇත්තේ.

අදාළ නිශ්පාදන මේ වන විටත් වෙළඳපල තුළ අලෙවි වන අතර එම නිශ්පාදන නැවත කැඳවීමටද පියවර ගෙන තිබෙනවා.
මේ අතර අදාළ නිශ්පාදන මිළදී නොගන්නා ලෙස රෝහල් සහ අවන්හල් වෙත මේ වන විට දන්වා තිබෙනවා.

උණ – හිසරදය – මාංශ පේශි කැක්කුම – ඔක්කාරය – වමනය – ගෙලෙහි වේදනාව ලිස්ටීරියා රෝගයේ ලක්ෂණ අතරට ඇතුලත්.
ආසාත්මිකතා සහිත නිෂ්පාදන අනුභව කර පැය 24 ක් යාමෙන් යම් රෝග ලක්ෂණ මතුවුවද රෝග ලක්ෂණ වඩාත් හොදින් වර්ධනය වීම සදහා මාස 02 ක් පමණ ගතවන බව සඳහන්.
ඉහත රෝග ලක්ෂණ සහිතව අසාත්මිකතා වර්ධනය වන්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙස ජනතාවට උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම 13 13 43 25 84 යන දුරකතන අංකය ඔස්සේ අදාළ උපදෙස් ලබා ගැනීමට හැකියාව පවතිනවා.